Featured Post

ශ්‍රි ලංකාවේ සැඟවුනු අතීත කතාවට ප්‍රවේශයක්

ශ්‍රි ලංකාවේ සැඟවුනු අතීත කතාව යලි ගොඩ ගැනීමට හා එහි සත්‍යයභාවය ගවේශනයට, සංස්කෘතික, සාහිත්‍යමය හා   විද්‍යාත්මික තොරතුරු පිළිබඳ සංවාදාත්මක ප...

Sunday, October 23, 2016

ශ්‍රි ලංකාවේ සැඟවුනු අතීත කතාවට ප්‍රවේශයක්

ශ්‍රි ලංකාවේ සැඟවුනු අතීත කතාව යලි ගොඩ ගැනීමට හා එහි සත්‍යයභාවය ගවේශනයට, සංස්කෘතික, සාහිත්‍යමය හා   විද්‍යාත්මික තොරතුරු පිළිබඳ සංවාදාත්මක පසුබිමකට ප්‍රවේශයක්...


     අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය වැනි සුප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන නැරඹීමට, වන්දනාවට ඔබ කොතරම් නම් ගොස් ඇත්ද? එම ස්ථානවල ඇති නටඹුන්,  වෙහෙර විහාර, දාගැබ්, වැව්, පිළිම හා වාරිකර්මාන්ත කොතරම් ඡායාරූප ගෙන ඇත්ද?

නමුත් ඔබ ඒ දෙස මනා අවබෝදයකින් බලා ඇත්ද? මෙවන් දේ නිර්මානය කලේ කවුද? කුමක් සඳහාද? කෙසේද? වැනි දේ දැනගැනීමට ඔබට සිතුනිද? බොහෝ දෙනගේ පිළිතුර වනුයේ "නැත" යන්නයි. එයට හේතුව අප පුරුදුවී අත්තේ දකින දෙය සොයා බැලීමට නොව පෙන්වන දේ පමණක් බැලීමටය. 

යමක් පෙන්වූ සැනින් අප සාමන්‍ය රූපයක් හ අසා අති රුවක් හා සසඳමින් ඒ දෙස බලයි, එවිට අපට ධාරනය වන්නේ අසම්පූර්ණ චිත්‍රයකි. නමුත් අප යමක් දුටු විට ඒ දෙස උවමනාවකින් බැලුවොත් ඒ ගැන බොහෝ කරුණු සොයාගත හැක. උදාහරණයක් ලෙස, "දැක්කද කුරුල්ලෙක් පියෑඹුවා?"  ලෙස යමෙක් පෙන්නුවොත්,  අපට පෙනෙන්නේ පියාඹන කුරුල්ලෙක් පමණි, නමුත් අප ඒ කුරුල්ලා දෙස බැලුවොත් ඌ කපුටෙක්, ගිරවෙක්, කොකෙක් යැයි හඳුනාගත හැක. තවද ඒ දෙස බලුවොත් කුරුල්ලා පියාඹන්නේ කොහෙටද, ගොදුරක් සඳහාද, අනතුරක් හැඟිලාද වැනි දේද අපට සොයාගත හැක. 

   
  අප රටේ ඉතිහාස කතාවටද සිදුවී අත්තේ මෙයමය. අපි අපේ දේ අසා දැනගත්තද, ඉගෙනගත්තද ඉන් එහාට ඒ ගැන සොයා නොබලයි. අපට ඊට වේලාව හෝ උනන්දුවක් නැත. නමුත් උගත් මනසකින් යුත් අප මීට වඩා අපගේ සැබෑ උරුමයන් හා අපගෙන් සැඟවූ පෞඩ ඉතිහාසය ගැන විමසිය යුතුය. අපගේ අසල්වාසී ඉන්දියාව සිය ප්‍රාග් ඓතිහාසික මෙන්ම සාහිත්‍යමය ඉතිහාසය ගැනත්, තම ජනප්‍රවාද, විශ්වාස වල එන වීරයන්, නගර ගැනත් සොයද්දී අප තවම ඉංග්‍රීසීන් විසින් දායාද කල මාහාවංශයට පමණක් සීමාවූ ඉතිහාසයක් හිස් මුදුනින් පිළිගනිති. 

වෙනස් වන්නට එළඹ ඇත කල - සිතුවිලි හා විඳු පසුබිමකින්,
ජනවහ ප්‍රවාද, ඇදහිලි, පද් කවි - පිළිබඳ මනරම් පුරාණයක්,
පුරා-විදුදම හට දී අත හිත - හොඩගමු අප හෙළ සුරුවිරුකම්,
අපගේ දූ දරුවන් හට දීමට- සැඟවුනු ඒ මහ බල පැරකුම්..



Wednesday, October 19, 2016

ශ්‍රී ලංකාවේ ගෝලීය පිහිටීම සහ වැදගත් භෞතික ලක්ෂණ 1

ශ්‍රී ලංකාවේ ගෝලීය පිහිටීම සහ වැදගත් භෞතික ලක්ෂණ


ශ්‍රී ලංකාව වූ කලී ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස නම්දරා සිටින ඉතා මත් සුන්දර සෞම්‍ය දේශගුනික කලාප අති සමකයට ආසන්න නිවර්තන වනපෙත් ඇති දිවයිනකි.
යටත් විජිත සමයේ සිලෝන් (Ceylon) ලෙස නම් ලැබූ ලංකාව ස්වභාවික සම්පත් හා වටිනා බෞද්ද උරුමයන් ගෙන් හෙබි රමණීය රටකි. 

බෞද්ද සුත්‍ර පිථක ග්‍රන්ථ වලට අනුව ලංකාව ඉතා ඈත අතිතයකට ගෙනයයි, එනම් මේ මහා භද්‍ර කල්පයට පහල වුන බුදුන් වහන්සෙලා ගේ කල්හී ලංකාව හැඳින්වූ නම්ය. කුකුසඳ බුදුරජුන් ගේ කල ඔජදීපය ලෙසද, කෝණාගම බුදුන් කල වරදීප ලෙසද, කාශ්‍යප බුදු කල මණ්ඩදීප ලෙසද හැඳින්වූ බවය සඳහන් වේ. (මහාවංශයට අනුව)

ජනගහනය

මිලියන 20.5 පමණ වන ජනගහනයකින්ද, එයින් 74.9% සිංහල ජාතියද, 15.3% දමිල ජනයාද, 9.3% පමණ මුස්ලිම් ජාතිකයන්ද ඉතිරි 0.5% අන්‍ය ජාතීන්ගෙන්ද සැදුම් ලබයි. 
තවද 70.1% බෞද්දයින්ද, 12.6 හින්දු භක්තිකයින්ද, 9.7 ඉස්ලාම් බැතිමතුන්ද, 6.2% කතෝලිකයින්ද, එතිරි 1.4% අන්‍ය ආගම් ලෙසද බෙදේ. (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව - 2012 )


මහාද්වීපික තැටි

පෘථිවි පෘෂ්ඨය මහාද්වීපික තැටි මගින් සෑදී ඇත. ඒවා එකිනෙකා තෙරපමින් ජලය මත පාවෙන පාසි මෙන් පෘථිවි පෘෂ්ඨය මත ගමන් කරයි. 
මෙමෙ තටි වල තෙරපීම් හා ක්ෂණික උස්පහත් වීම් නිසා භූ චලන, කඳුමුදුන් අතිවීම, අගාද අතිවීම, දූපත් කිඳා බැසීම හා සුනාමි වැනි අති විනාශකාරී ව්‍යසනයන්ද අතිවේ. 

ලංකාව ඉන්දියන් මහාද්වීපික තැටිය මධ්‍යයේ පිහිටයි, එනිසා අපට භූචලන හෝ ගිනිකඳු අවදානම ඉතා අඩුය.

ඉන්දියානු තැටිය වටා සෝමාලියානු තැටිය, ඔස්ට්‍රෙලියානු තැටිය, බුරුම තැටිය, අරාබි තැටිය හා යුරෝ-අසියානු තැටිය පිහිටයි. 


වෙළඳ සුළං 

උත්තර අර්ධගෝලය ගත් විට, සමකයේ සිට එන උණුසුම් වායු ධාරා උතුරු ධ්‍රැවය දෙසට ගමන් ගනී ( උනුසුම් වාතය ඉහලට යන අතර සිසිල් වයුන් පහලට බසී). 

මෙම උතුරු දෙසට අදෙන සුළං ධාරා කොරියෝලිස් බලයේ (Coriolis effect) බලපෑම් මත දකුණු දෙසට හැරේ. එමෙන්ම එම සුළං ධාරා ක්‍රමයෙන් සිසිල් වීමත් සමග අංශක 30 රේඛාවෙදී පමණ නැවත හැරී ඊසාන දෙස සිට නිරිත දෙසට වන මාර්ගයක සමකය දෙසට ඇදෙයි. 

මෙම ක්‍රියාවලිය දක්ෂින ගෝලයේදි ද මෙලෙස්ම සිදුවේ. මෙහිදී සුළං හමන්නේ ගිනිකොන සිට වයඹ දෙසටය. 

නැවත හැරී සමකය දෙසට අදෙන මෙමෙ සුළං ධාරා අන්තර් නිවර්තන අභිසරණ කාලාපය (Inter-tropical convergence zone) එනම් ඩොල්ඩ්‍රම් (Doldrums) තීරය නම් නිශ්චල සුළං තීරුවෙදී නැවත එකිනෙකා හා මිශ්‍ර වේ. මෙමෙ පැතිරී පවතින සුළඟට වෙළඳ සුළං යැයි කියනු ලබන්නේ අතීත නාවුක යාත්‍රිකයින් මේවා උදව්කරගෙන මුහුදු තරණය කල හෙයිනි. 

ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටීම නිසා මෙමෙ වෙළඳ සුලං මගින් වෙළඳාමේ ගිය නාවුකයන්ගේ ප්‍රධාන නැවතුම් පලක් විය. විශේෂයෙන් ස්වභාවික වරායන් හා විශාල ගංඟා මුවදොරු පිහිටීම සහ ලංකාව වටිනා, මිණි මුතු හා කපුසළු, මෙන්ම කුළු බඩු හා විවිධ ධාන්‍ය වර්ග සඳහා ද ලොව පතලව සිටීමත් නිසයි. තවද මුහුදු සේද මාවත වැටී තිබුනේද ලංකාව හරහායි. 


මුහුදු ජල ප්‍රවාහය

උතුරු අත්ලාතික් සාගරයේ උතුරු ධ්‍රැවීය පෙදෙස් වල අති අධික සීතල නිසා මුහුදු ජලය අයිස් බවට පෙරෙලේ. එවිට ඒ අවට ජලයෙහි ඝනත්වය අධික ලුණු සාන්ද්‍රත්වය සහ සීතල නිසා වැඩිවී පහලට කින්දා බසී. මෙම සීතල ධාරාව  ක්‍රමයෙන් දකුණු දෙසට බටහිර අත්ලන්තික් ද්‍රෝණිය දිගේ දක්ෂිණ ධ්‍රැවය දෙසට ගමන් ගනී. මෙසේ එන දියවැල් දකුණු ධැරවයේ ඇන්ටාක්ටිකාව ආසන්නයේදී තවත් සීතල හා ලුණු එකතු වේ. මෙහිදී මෙමෙ සීත දියවැල් කොටස් දෙකකට බෙදෙයි. එක් ධාරවක් උතුරු දෙසට හැරී ඉන්දියන් සාගරය දෙසට ගමන් ගන්න අතර අනෙක බටහිර දෙසට ගමන්ගෙන පැසිෆික් සාගරයට වටේ. මෙ ගමනේදී මෙමෙ ධාරා දෙකම ක්‍රමයෙන් උනුසුම් වේ. එසේම ක්‍රමයෙන් දක්ෂිණාවර්ත ව හැරී බටහිර දෙසට ගමන් ගනී. මෙසේ කැරෙකෙන දැන් උනුසුම් වී ඇති දියවැල් නවත උතුරු දෙසට ගොස් උතුරු අත්ලාන්තික් ධ්‍රැවීය පෙදෙස් වලට යයි. මෙම ක්‍රියාවලිය චක්‍රාකාරයෙන් දිගින් දිගටම නැවත සිදුවේ. මෙම ලෝකව්‍යප්ත දියවැල් පද්ධතියට Global Conveyor Belt යැයි කියනු ලැබේ.

සැලකිය යුතුයි: උණුසුම් දියවැල් හා සීතල දියවැල් මිශ්‍රවන පෙදෙස් වල මුහුද සෞම්‍ය පෙදෙසක් ලෙස සැළකේ. එහිදී මුහුදු පැලෑටි හා ප්ලැන්ක්ටම් හොඳින් වැඩේ. සරු ජෛව විවිධත්වයක් හා ජලජ ජීවී ගහනයක් අති මෙම පෙදෙස් මත්ස්‍ය සම්පතින් ඉතා සරු පෙදෙස් වේ. මෙවන් ප්‍රධාන පෙදෙස් 3 අපට හමුවේ. 1. උතුරු අමෙරිකවේ නිව්ෆවුන්ඩ් ලෑන්ඩ් අසල මුහුදු තීරය  2. ජපානයේ නැගෙනහිර මුහුද 3. ශ්‍රි ලංකාවට පහලින් අති ඉන්දියන් සාගර පෙදෙස.

ගුරුත්වාකර්ෂණ ශක්තිය

පෘථිවියේ පමණක් නොව මුලු විශ්වයේම ඇති ප්‍රධානතම බලයක් ලෙස ගුරුත්වාකර්ෂණ ශක්තිය සැළකෙ. විශ්වයේ ඇති සියලු වස්තූන් ගේ පැවත්ම අත්තේ ගුරුත්වය මතය. පෘථිවිය සුර්‍යයා වටා කක්ෂගතව ගමන් ගන්නේත්, චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් ගන්නෙත්, තරකා, චක්‍රාවාට වැනි අති විශාල වස්තූන් පිහිටන්නෙත් ගුරුත්වය නිසයි. පෘථිවියෙහි ගුරුත්වය නිසා මිනිසාට ජීවත් වීමට පරිසරය සැකසුණි. ගුරුත්වය නෙසා  අපව, ගොඩනැගිලි, ගස් කොලන්, සතුන්, ජලය, වයුගෝලය වැනි දෙය අභ්‍යවකාශයට විසි නොවී ඇද තබා ගනී. චන්ද්‍රයාගේ ගුරුත්වයේ බලපෑමෙන් අපට වඩදිය, බාදිය ඇතිවේ. අපි යමක් උඩට (අහසට ) විසි කලොත් එය නැවත බිමට වැටෙන්නෙත් , උල්කාපත, වැසිදිය,  ගංඟා ඇල දොළ ගලන්නෙත් මෙම අභිරහස් ගුරුත්වය නිසයි.  1987 දී බ්‍රිතාන්‍ය ජාතික සර් අයිසැක් නිව්ටන් නම් විද්‍යාඥයා මෙම ගුරුත්වය පිළිබඳ මතය හා නියමයන් ලොවට හදුන්වා දුන්නෙය. තවද  අයින්ස්ටයින් නම් විද්‍යාඥයා විසින් ඒ පිළිබඳ තව දුරටත් මත හා නියමයන් ඉදිරිපත් කලේය. ඒ ගුරුත්වය, කාලය හා සාපේක්ෂතාවය පිළිබඳවය.

ලොව ගුරුත්වාකර්ශණ ගැන පරික්ෂාවට NASA ආයතන මගින් විශේෂිත ව්‍යපෘතියක් කලේය. එය GRACE (Gravity Recovery and Climate Experiment) නම් විය. චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කොට ගෙන එක් රැස්කල දක්ත මගින් ගුරුත්වයේ බලය මත සිතියමක් ගොඩ නගන ලදී.

පෘතිවියේ ස්කන්ධය අසමසමව පැතිර අති නිසා ගුරුත්වය එකාකාරීව නොපවතී. මෙම සිතියමට ධ්‍රැවීය ගුරුත්වයන් අතුලත් කොට නැත. ඒ අනුව බලන විට අඩුම ගුරුත්වය අත්තේ ලංකාව හා ඊට අසන්න පහල මුහුදේය.




මතුසම්බන්දයි.....