ශ්‍රී ලංකාවේ ගෝලීය පිහිටීම සහ වැදගත් භෞතික ලක්ෂණ 2
පෘථිවියේ අද අපි දකින ගොඩබිම් නැතිනම් රටවල් හා මුහුදු වැනි දේ නිර්මාණය වූ ආකරය පිළිබඳ විවිධ මත විද්වතුන් දරයි. ඉන් ප්‍රධාන කොට මත දෙකක් ඉදිරියට එයි. එනම්, මහද්වීපික පාවීම (Continental Drift) සහ ප්‍රසාරණය වන පෘථිවිය (Expanding Earth) යන දෙකයි.
1912 දී ඇල්ෆ්‍රඩ් වෙගෙනර්(Alfred Wegener) විසින් ලොවට ඉදිරිපත් කල මෙම මතය දැනට පිලිගත් මතය ලෙස පවතී. ඔහු සඳහන් කරේ පෘථිවිය පිටත ස්ථරය (Outer Crust) එකිනෙක වෙන්වූ කුඩා තැටි (Tectonic plates) වලින් පාපන්දුවක් මෙන් සෑදි අති බවත් ඒවා කාලයත් සමග පෘථිවිය වටා අහඹු ලෙස චලනය වනබත්, එවා උඩ පිහිටි ගොඩ බිම එම තැටි සමග එහා මෙහා ගමන් කරන බවත්ය. එවා එකිනෙක ගැටුන විට භූචලන හා කම්පා අතිවෙන අතර, කඳුපංති හා විව්ධ භූ ලක්ෂණ හට ගන්න බවත්ය.
වසර මිලියන 250 කට පමණ පෙර පර්මියන් (Permian) යුගයේ අත්ලාන්තික් සාගරය හෝ ඉන්දියන් සාගරය පවතුනේ නැත. සියලුම මහද්වීප එක පොදියට තනි සුපිරි මහද්වීපයක් ලෙස පැවතුනි. එයට පැන්ජියා (Pangaea) සුපිරි මහද්වීපය යැයි කියනු ලැබේ. ඒ වටා පිහිටි සාගරය පැන්තලසික් (Panthalassic) ලෙස නම් විය.
වසර මිලියන 200 පමණ වන විට ට්‍රයසික් (Triassic) යුගයේදී මෙම සුපිරි මහද්වීපය ක්‍රමයෙන් බෙදීයන්නට විය. එය බටහිර ගොඩ්වානා (West Godwana) හා නැගෙනහිර ගොඩ්වානා (East Godwana) ලෙසත්, ඉන්දියාව ඇන්ටාක්ටිකාවෙන් වෙන්වී මද, ලොරෙසියාව (Laurasia) දකුණු ඇමෙරිකාව හා අප්‍රිකාවෙන් වෙන් වීමත් සිදුවිය.
වසර මිලියන 145 පමණ පෙර ජුරාසික් (Jurassic) යුගය දී මෙම පළල් වන මුහුදු පතුල් නිසා උතුරු මධ්‍යම අත්ලන්තික් සාගරය හා ඉන්දියන් සාගරය ක්‍රමයෙන් ඇතිවිය. එසේම මෙම වකවානුව අවසන දකුණු ඇමෙරිකාව අප්‍රිකාවෙන් වෙන්වී බටහිර දෙසට ගමන් ගනී.
වසර මිලියන 65 පමණ පෙර ක්‍රෙටේෂස් (Cretaceous) යුගය වන විටත් මෙම භූචලන පැවතුනු අතර මැඩගස්කරය අප්‍රිකාවෙන් තවත් ඈත්ව උතුරු දෙසට ගමන් කරයි. ඉන්දියාවද විශාල දූපතක් මෙන් පාවී උතුරු දෙසට සමකය පසු කර ගමන් ගනී. ඔස්ට්‍රේලියාවද ඇන්ටාක්ටිකාවෙන් වෙන්වී නැගෙනහිර දෙසට ගමන් ගනී.ඉන්දියාව දිගින් දිගටම උතුරු දෙසට ගොස් යුරේසියාව (Eurasia) හා ගැටේ. එම තෙරපීම හේතුකොට ගෙන හිමාලය කඳුවැටිය සෑදෙයි. ශ්‍රී ලංකාවද වසර මිලියන 80 කට පමණ පෙර මෙම සංක්‍රමණය තුලදී බිහිවේ.
සැ.කි.යු.
- ශ්‍රී ලංකාව පෙර පැවති පැන්ජියා සුපිරි මහද්වීපයේ උතුරින් ඉන්දියාවටත්, දකුණින් ඇන්ටාක්ටිකාවටත් සම්භන්ධව පැවතිනි.
- ලංකාව මුලින් පිහිටියේ දක්ෂිණ අර්ධගේලයේය. ලංකාව ඒ වන විට හිමෙන් වැසී ග්ලැසියර් කරනය වී තිබෙන්නට ඇත.
- ලංකාව හිමාලය කඳු ඇතිවීමට පෙර සිට පිහිටයි.
- ග්ලැසියර් කරනය වූ ලංකාව ක්‍රමයෙන් සමකය ආසන්නයට එත්ම දියවී යන්නට ඇත.
ප්‍රසාරණය වන පෘථිවිය (Expanding Earth)
නව ඩිජිටල් සහ දෘෂ්‍යමය ආකෘති සමගින් පැමිණි මෙම න්‍යාය ඉතාමත් ආන්දෝලාත්මක සහ නව මගකට චින්තනයකට විද්වත් ලොව පෙළඹවිය. මෙම මතයෙන් කියවෙන්නේ දැනට අප සිටින පෘථිවිය ක්‍රමයෙන් ප්‍රසරණය වන බවත්, අතීතයෙදී එය දැනට වඩා බොහෝ කුඩා තත්වයක පැවති බවත් ය. ඒ අනුව පෘථිවියේ සියලුම මහද්වීප හා දූපත් තනි ගොඩබිමක් ලෙස දැනට වඩා කුඩා පෘතිවියක පහසුවෙන් එකලස් කල හැකිය. තවද එහි මතුපිට සාගර හමුවන්නේ නැත, භූගත සාගරයක් හෝ තැන් තැන් වල එක් රැස් වූ ජලාශ ලෙස පැවතිය. මුලු පෘථිවියම වසා ගත් තනි ගොඩබිමක් සැදීමට අපට දැනට සිතින පෘථිවියේ විශ්කම්භයෙන් 80%ක විශ්කම්භයක් ඇති පෘථිවියක් අවශ්‍ය වේ.
මේ සඳහා සාක්ෂිද අපට හමුවේ. නවතම සාගර පතුල් ගවේශණ සොයාගැනීම වලට අනුව පෘථිවි පෘෂ්ඨයෙහි 80% පමණ අත්තේ වසර මිලියන 200 කටත් අඩු වයසැති අලුතෙන් සැදුන ද්‍රව්‍යන් ගෙනි. දැනට පෘථිවියහි 2/3 අත්තේ මුහුදෙන් (ජලයෙන්) වැසීය එසේම මුහුදු පතුලේ ඝනකම ගොඩබිමට වඩා බොහේ අඩුය, එය කි.මි. 1 සිට 7 දක්වා පවතී. එමෙන්ම ඉතා ක්‍රියාකාරී තත්වයක පවතී. මුහුදු පතුලෙහි වයස සාමන්‍යක් ලෙස ගත්හොත් අවුරුදු මිලියන 200 පමණවේ. එය පෘථිවියේ වයසත් සමඟ සැසදීමේදී 5%කත් අඩු ප්‍රමණයකි.
ප්‍රසාරණය වන පෘථිවිය සංකල්පය පදනම්වී ඇත්තේ මහද්වීපික පාවීම න්‍යාය මෙන් නොව පෘතිවියේ වැඩීමක්, නැතිනම් ප්‍රසාරණය වීමක් මතය. ඒ අනුව අතීතයේදී දැනට වඩා කුඩා වූ පෘථිවියක සම්පූර්ණ යෙන් ගොඩබිමින් වැසුනු මතුපිටක් සහිතව පැවතිනි. ක්‍රමයෙන් පෘථිවිය ප්‍රසාරණය වීමත් සමඟ මහද්වීප හා සාගර ඇතිවිය. නීල් ඇඩම්ස් ගේ පහත වීඩියෝව බලන්න.
සැ.කි.යු.
- කුඩා පෘථිවියකද ලංකාව පිහිටන්නේ ඉන්දියාවට දකුණු දෙසින් සහ ඇන්ටාක්ටිකාවට උතුරු දෙසිනි.
- මෙහිදීද ලංකාව අතුලු ඉන්දියාව මුල් පිහිටීම වන්නෙ සමකයට පහල දක්ෂිණ අර්ධගෝලයහිය. එමනිසා අතීතයේදී ලංකාව ඉතා සීත දේශගුණික තත්ව යත්තේ බොහෝවිට ග්ලැසියර් කරනයකට යතත්ව පවතින්නට ඇත.
- පෙර න්‍යය පරිදි ක්‍රමයෙන් ලොව වැඩෙත්ම ලංකාව සමකය අසන්නයට ඒමත් සමඟ එම අයිස් දියව යන්නට ඇත.
- ඩයිනසෝරයන් සිටියේ පෘථිවිය ඉතා කුඩා අවස්තාවේදීය, එනිසා දෑන් හමුවන සත්ව හා ශාක පොසිල වල විහිදීම පැහදිලිය.
- කුඩා පෘථිවියක් තුල දවසක කාලය කුඩාය. දවස ඉක්මනින් ගෙවෙයි. එනම් ඉක්මණින් වයස ගෙවෙයි, අයුවැඩිවෙයි.
- පෘථිවිය ක්‍රමයෙන් වැඩෙත්ම, දවසක කාලය වැඩිවේ, වයස්ගතවීම අඩුවේ, ආයුෂද අඩුවේ.
ලංකාව ග්ලැසියර්කරණය කට ලක්වූ බවට සාක්ෂි
- හුදකලා කඳුපංති හා ශිකර පැවතීම.
- බොහෝ හුදකලා කඳුමුදුන් රවුම් හැඩයක් ගැනීම.
- එක් පසකින් පමණක් තද බෑවුම් සහිත කඳුවටි තිබීම.
- බෝල්ඩර්ස් නමින් හන්දුන්වන රවුම් ජල ඛාදනය වූ ගල්, පර්වත මුදුන් වල තිබීම, සහ එක් පැත්තක කඳු බෑවුමක තිබීම.
- විශාල, ගැඹුරු, පළල් නිම්න හමුවීම.
- භූගත ජල මාර්ග හමුවීම.